Ruhunu Janatha Allaince

About

.

About

About RJA

Get to Know Ruhunu Jantha Alliance

අප සැමගේ සදාදරණීය මාතෘභූමිය වන ශ්‍රී ලංකා මාතාව ඡාතීන්, ආගම්, කුල හා පන්ති වශයෙන් ද, ගම හා නගරය වශයෙන්ද බෙදී ගොස් බංකොලොත් භාවයේ අන්ධකාර පත්ලටම ඇදවැටී තිබේ. තිස් වසරක් තිස්සේ ඇවිල ගිය එකම මව්බිමේ සහෝදර සිංහල දෙමළ ඡාතීන් අතර මහා යුධ ගැටුමෙන් සහ අවස්ථා දෙකකදී පැනනැගී දකුණේ සිංහල තරුණ ඡන නැගිටීම සහ ඒවා මර්ධනය කිරීමේ බිහිසුනු ප්‍රතික්‍රියාවන් නිසා ශ්‍රී ලාංකික රාඡ්‍ය එහි පදනමින් පුපුරා දෙදරා බිඳවැටෙමින් තිබේ.
එබැවින් මෙම බෙලහීන වූ රාඡ්‍ය පාලන යාන්ත්‍රණය මළුමනින්ම වෙනස් කොට යලි ප්‍රතිනිර්මාණය කල යුතුව ඇත. එබැවින් වහාම ශ්‍රී ලාංකික ඡාතියට නව රාඡ්‍ය පාලන ව්‍යුහයක් ( නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ) ගොඩනගා ගැනීම ඓතිහාසික ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත්ව තිබේ.
එම ගොඩනැගෙන ව්‍යවස්ථාව තුල,

  • ඒකීය රාඡ්‍ය තුල සියලු ඡනතාවන්ට එක්සත්ව, එක්සිත්ව ඡීවත් විය හැකි සියළු ඡන කොටස් වල අභිලාශයන්, අයිතීන් හා ගරුත්වය රැකෙන උපරිම දේශපාලන විසදුමක් අන්තර්ගත විය යුතුය.
  • මව්බිමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ උපායමාර්ගයක් වශයෙන් බලය බෙදාහැරෙන ඒකක සඳහා සීමා සහිත ආර්ථික ස්වාධීනත්වයක් හිමිකර දිය යුතු අතර සෘඡුව විදේශ ආයෝඡනයන් හා ආධාරයන් සමඟ ප්‍රාග්ධනය සහ තාක්ෂණය වෙනුවෙන් ක්‍රියාකිරීමට බලතල ලබාදිය යුතුය. එසේ කිරීමෙන් පලාත් අතරේ සංවර්ධන යුද්ධයක් ඇති වෙමින් මුළු මාතෘ භූමිය කෙටි කලක් තුල ආර්ථික වශයෙන් ඉහළම තලයකට ඔසවා තැබිය හැකි බව අප විශ්වාස කරන්නෙමු.
  • අසල්වැසි සහෝදර රාඡ්‍යයේ ආරක්ෂාව සහ සහෝදරාත්මක දේශපාලන, ආර්ථික අභිලාශයන්ට පටහැනි නොවන ඓතිහාසික, භූගොලීය යථාර්තයන් සමඟ සමපාත වූ විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගත යුතු අතර ලෝකය තුළ අපගේ කළ්‍යාණ මිතුරන් වශයෙන් ඉතිහාසය තුළදී සැමවිටම ක්‍රියා කළා වූත්, තම රටවල් වල ඡනතාවගේ මානව අයිතීන්, ප්‍රඡාතන්ත්‍රවාදී හර පද්ධතීන් ආරකෂා කරගනු ලබන්නා වූත්, එමෙන්ම දුප්පත් රටවලට සහනශීලී ආර්ථික, තාක්ෂණික උපකාරයන් සැමවිටම ලබාදීමට ක්‍රියාකරන්නා වූත් රාඡ්‍යයන් සමඟ මිත්‍රශීලී සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීම නීතියෙන්ම සහතික කළ යුතුය.
  • මානව සංහතියේ උතුම් ප්‍රඡාතන්ත්‍රවාදී සහ සකල ආකාරයේ පිළිගත් මානව අයිතිවාසිකම් තහවුරු කෙරෙන නීති එහි අන්තර්ගත විය යුතුය.
  • මැතිවරණ කොමිෂන් සභාවට උපරිම බලතල හිමිවිය යුතු අතර ඒ තුළ අධිකරණ හා විමර්ශණ බලතල ද ඇතුලත් විය යුතුය.
  • මනාප ක්‍රමය සහමුලින්ම අහෝසි කෙරෙන, ඡන්දදායකයන් සාමාන්‍යයෙන් ලක්ෂයකට පමණ එක් නියෝඡිතයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය.
  • මැතිවරණ කොට්ඨාශ නිර්ණයේදී කුල, ආගම්, ඡාති පදනමින් කෙරෙන බෙදීම් අහෝසි කිරීමට සියළු උත්සාහයන් දැරිය යුතුය.
    විධායක ඡනාධිපති ධුරය අහෝසි කළ යුතු අතර ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහ ස්ථාවර ආණ්ඩු බිහිවන පරිදි නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හදුන්වාදිය යුතු අතර කුඩා දේශපාලන පක්ෂ නියෝඡනයද ආරක්ෂා කළ යුතුය.
  • අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශණ කොමිසමට පූර්ණ බලය ලබාදිය යුතු අතර, ඊට අධිකරණ හා විමර්ශණ බලතල ලැබෙන පරිද්දෙන් ලෝකයේ දියුණුම එවැනි පද්ධතීන්ගෙන් ආදර්ශයන් ලබාගත යුතුය.
  • ඡාතික ආරක්ෂාව, සෞඛ්‍ය හා අධ්‍යාපනය රාඡ්‍යයේ පරම වගකීමක් විය යුතු අතර සෞඛ්‍ය හා අධ්‍යාපන ඡාතික හා අන්තර්ඡාතික ඉහළම ප්‍රමිතීන්ට යටත්ව පෞද්ගලික අංශයද සම්බන්ධ වීමට ඉට ලැබෙන පරිදි නීති අන්තර්ගත විය යුතුය.
  • විභාග මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමය වෙනුවෙන් නිපුණතාවය,කුසලතාවය සහ දක්ෂතාවය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හදුන්වාදිය යුතු අතර පාසල් අධ්‍යාපනය තුලම වෘත්තීය නිපුනතාවයන් ලබාදිය යුතුය.
  • රඡයේ ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතු අතර දේශපාලන අතපෙවීම් වලින් තොර නිදහස් වෙළඳ තරඟයක් ඇති කිරීමෙන් ඡනතාවට උපරිම ලාභය අත්වන යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුය.
  • ඡනමාධ්‍යයට පූර්ණ නිදහස හිමිවන නව නීති හදුන්වාදිය යුතු අතර ආර්ථික හා දේශපාලන අපරාධ විමර්ශණය කිරීම සඳහා පූර්ණ බලැති කොමිසමක් පත්කළ යුතුය.
  • සියලුම ආකාරයේ ඡාතිවාදී,ආගම්වාදී,කුලවාදී සහ අන්තවාදී මතවාදයන් මව්බිම තුළ පතුරුවාලීමට කිසිවෙකුට ඉඩ නොලැබෙන දැඩි නීති පද්ධතියක් හදුන්වාදිය යුතුය.
  • දේශපාලඥයින් ලබාගන්නා සකල ආකාරයේ අයුතු වරප්‍රසාදයන් අහෝසි කෙරෙන නීති මෙන්ම මහඡන නියෝඡිතයෙකුට උපරිම වයස් සීමාවක්ද හදුන්වාදිය යුතුය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවාරා ඇති අධිකරණ බලතල තවදුරටත් පළුල් කල යුතු අතර ව්‍යවස්ථාධායකය මගින් සම්මත කර ගනු ලබන නව නීති හා පනත් පසු විපරම් කිරීමේ බලයද ඊට ඇතුලත් කළ යුතුය. එමෙන්ම සෘඡුව මහඡනතාවට සහ රඡයේ පොදු ආර්ථිකයට සම්බන්ධයක් දක්වන්නා වූ මෙන්ම අතිශය වැදගත්කමකින් යුත් කාරණා වලදී නඩුව අසා විමර්ශනය කොට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නිශ්චිත වූත් කෙටි වූත් කාළ රාමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළටම ඇතුලත් කළ යුතුය.

About Our Chairman, Mr. Ajantha De Zoysa

Mr. Ajantha De Zoysa, Chairman of the Ruhunu Janatha Alliance, is a visionary leader dedicated to championing the rights and progress of the people of Sri Lanka. With a strong background in public service and leadership, Mr. De Zoysa brings years of experience in political advocacy and a deep commitment to social justice, transparency, and community development. His unwavering focus is on fostering unity, empowering local communities, and ensuring a fair and just society for every citizen.

Guided by a passion for positive change, Mr. De Zoysa emphasizes inclusivity, sustainable growth, and integrity in governance. Under his leadership, the Ruhunu Janatha Alliance aims to address the real needs of citizens, prioritize economic opportunities, and uphold the values of democracy. Mr. De Zoysa’s dedication to collaborative progress and his vision for a prosperous Sri Lanka inspire both party members and supporters as they work together toward a brighter future for all.

Join Campaigns

We Will Make
History Together

Join us on a journey to create a brighter, more inclusive future for all. Together, we can achieve meaningful change, break new ground, and pave the way for a legacy that will be remembered for generations. Your support drives our mission forward—let’s make history hand in hand and build a nation we can all be proud of.

Making history together means uniting our efforts to create lasting change. It’s about setting new standards, making strides in areas like equality, justice, and sustainability, and leaving a positive legacy for future generations.

You can join by supporting our initiatives, volunteering, attending events, or sharing our message with others. Every effort counts and brings us one step closer to a better future.

Our campaign focuses on promoting transparency, empowering communities, ensuring equal rights, protecting the environment, and advancing modern, innovative solutions. Together, we aim to create a society where everyone can thrive.

Community support is the backbone of any successful movement. It’s the collective voice and action of our supporters that drive change, challenge old systems, and help us build a future that represents the values of all citizens.

Our Party People

Meet the Team